තමා “ඇමරිකා පක්ෂය” නම් වූ නව දේශපාලන පක්ෂයක් ස්ථාපිත කරන බව ඊලොන් මස්ක් ප්‍රකාශ කළා.
ඇමරිකාවේ වෙලාවෙන් ජූලි 5 වනදා (ශ්‍රී ලංකාවේ වෙලාවෙන් ජූලි 6 වනදා අලුයම) ඔහු මෙම නිවේදනය කළේ ඔහුගේ X ගිණුමේ යි.
ඊට දිනකට පෙර, ජූලි 4 වනදා හෙවත් ඇමරිකානු නිදහස් දිනයේදී, ඔහු සිය X ගිණුම ඔස්සේ මත විමසුමක් පළ කරමින් විමසා සිටියේ ද්වි පක්ෂ ග්‍රහණයෙන් මිදී ඇමරිකාවට සැබෑ ස්වාධීනත්වය අවශ්‍ය ද යන්න යි.
ඊට මිලියන 1.2 කට වැඩි පිරිසක් සිය අදහස දක්වා තිබූ අතර ඉන් සියයට 65.4 ක් ඔහුගේ යෝජනාවට පක්ෂ වී තිබුණා.
තමා “ඇමරිකා පක්ෂය” නම් වූ නව දේශපාලන පක්ෂයක් ස්ථාපිත කරන බව ඊලොන් මස්ක් ප්‍රකාශ කළා.
ඇමරිකාවේ වෙලාවෙන් ජූලි 5 වනදා (ශ්‍රී ලංකාවේ වෙලාවෙන් ජූලි 6 වනදා අලුයම) ඔහු මෙම නිවේදනය කළේ ඔහුගේ X ගිණුමේ යි.
ඊට දිනකට පෙර, ජූලි 4 වනදා හෙවත් ඇමරිකානු නිදහස් දිනයේදී, ඔහු සිය X ගිණුම ඔස්සේ මත විමසුමක් පළ කරමින් විමසා සිටියේ ද්වි පක්ෂ ග්‍රහණයෙන් මිදී ඇමරිකාවට සැබෑ ස්වාධීනත්වය අවශ්‍ය ද යන්න යි.
ඊට බිලියන 1.2 කට වැඩි පිරිසක් සිය අදහස දක්වා තිබූ අතර ඉන් සියයට 65.4 ක් ඔහුගේ යෝජනාවට පක් ෂ වී තිබුණා.
ඇමරිකාවේ තුන්වන දේශපාලන පක්ෂයක් පිහිටුවා සාර්ථක වීම එතරම් පහසු කාර්යයක් නොවේ. එහෙයින් ඊලොන් මස්ක්ගේ ගමන් මග පිළිබඳ නිශ්චිතව ප්‍රකාශ කිරීම අපහසු වනවා. ඇතැම් විචාරකයන්ගේ මතය වන්නේ ඔහු ඇතැම් වැදගත් ආසන පිළිබඳ වැඩි අවධානය යොමු කරනු ඇති බවයි.
ඊලොන් මස්ක් ඇමරිකාවේ උපන් අයකු නොවන බැවින් දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව ඔහුට ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්විය නොහැකියි. එමෙන්ම ඊට අදාල ව්‍යවස්ථා ප්‍රතිපාදන නුදුරේදී සංශෝධනය විය හැකි යැයි අපේක්ෂා කිරීමට ද නොහැකියි.