hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 13, ප.ව. 9:42


දුම්රිය වර්ජනය අවසන්

සිය වැඩ වර්ජනය අවසන් කිරීමට ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් වෘත්තීය සමිතිය තීරණය කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

අදාළ සාකච්ඡාවේදී ඔවුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් තම වර්ජනය අවසන් කළ බව ඔවුන් පවසයි.

මේ මොහොතේ සිට වර්ජනය අවසන් කිරීමත් සමඟ දුම්රිය ධාවනය හෙට දහවල් වනවිට යථාවත් වනු ඇති බවද ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස්දු දුම්රිය රියදුරු වෘත්තීය සමිතිය වැඩිදුරටත් පවසයි.