hit counter

2025 අගෝස්‍තු මස 19 වන අඟහරුවාදා

2024 ජනවාරි 28, ප.ව. 7:24


ශ්‍රී ලංකාවට පනවා තිබූ අයිසීසී තහනම ඉවත් කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකාවට පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ නිල නිවේදනය කඩිනමින් නිකුත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා තිබෙන තහනම ඉදිරි දින කිහිපය තුළ දී ඉවත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මීට පෙර පවසා සිටියේ වත්තලදී මාධ්‍යය වෙත අදහස් දක්වමිනි.