hit counter

2025 දෙසැම්‍බර් මස 30 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 24, ප.ව. 3:19


ෆවුසිට ඇප

නෙදර්ලන්තය, පුනරුත්ථාපන අමාත්‍යාංශයට භාරදුන් මෝටර් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කර, රජයට රුපියල් ලක්ෂ දහයක පමණ අලාභයක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළා.

විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේ සැකකරු රුපියල් 25,000ක මුදල් සහ ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.

මන්ත්‍රීවරයාට විවෘත අධිකරණයේ දී අද අධිචෝදනා භාරදුන් අතර, නඩු විභාගය අවසන් වනතුරු විදේශ ගතවීම ද තහනම් කෙරුණා.