hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 ජූලි 24, ප.ව. 5:53


කහවත්තේ පතලක් කඩා වැටෙයි – අයෙක් මරුට

කහවත්ත ඇන්දාන ප්‍රදේශයේ මැණික් පතලයක පස් කඩා වැටිමෙන් එම පතලේ දෙදෙනෙකු සිර වී ඇතැයි වාර්තා වනවා.

එම සිරවූ දෙදෙනෙකුගෙන් එක් අයෙක් ගොඩ ගැනිමට ඔහුගේ පාද කැපිමට සිදු වු බවත් ඔහු රෝහල් ගතකිරිමට යෑමේදි මිය ගොස් ඇති බවත් පොලීසිය පැවසුවා.

අද (24) වනදා පස්වරු 2.00ට පමණ මෙම අනතුර සිදුවී තිබෙනවා.

කහවත්ත, නාවලකන්ද ප්‍රදේශයේ පන්විල වෙල්‍ යායේ බලපත්‍ර සහිත පතලක මෙම අනතුර සිදුවි තිබෙන අතර අඩි 40 ක් ගැඹුරු පතල වෙල් යායක පවත්වාගෙන ගොස් ඇති තිබූ බවයි අප වාර්තාකරු පැවසූවේ.

එය බලපත්‍ර ලබා ගෙන සිදු කළ මැණික් පතලයක් බව පොලිසිය සඳහන් කළා.  

පතල් කම්කරුවන් 11 දෙනෙකු මෙම පතලේ වැඩ කරමින් සිටියදි පස් කඩා වැටෙන්නට පටන් ගෙන ඇති අතර 09 දෙනෙකු පතලෙන් ඉවතට පැන ගෙන ජීවිත බේරා ගෙන තිබෙනවා. 

මියගිය අය පස් තුළ සිරවී සිටි නිසා ඔහුගේ පාද දෙක කපා ගොඩට ගෙන ඇති බව ගම්වාසීන් කියා සිටියා.

ඒ සදහා ප්‍රදේශවාසින් දැඩි පරිශ්‍රමයක් ගෙන ඔහු කහවත්ත මුලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිඹු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ කහවත්ත පනාපිටියේ පදිංචි ආර්.එල්. මුත්තු කුමාරසිංහ (30) නැමැත්තෙක්.

ඇන්දාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි. 

කහවත්ත – ලසන්ත නිරෝෂණ