hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 25, ප.ව. 4:54


නෙල්ලිගල දී බස් රථයක් අනතුරට ලක්වීමෙන් 7ක් රෝහලේ

නෙල්ලිගල විහාරස්ථානය ආසන්න මාර්ගයේදී බස්රථයක් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 28 දෙනෙකු මේ වන විට (25) පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද පස්වරුවේ මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මොරටුව ප්‍රදේශයේ සිට නෙල්ලිගල විහාරස්ථානය වෙත ගිය 47 දෙනෙකු රැගත් බස් රථයක් බවයි පොලීසිය සඳහන් කළේ.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.