hit counter

2025 මාර්තු මස 30 වන ඉරිදා

2023 ජූනි 14, ප.ව. 5:24


පාසල් ළමුන් රැගෙන ගිය ත්‍රීරෝද රථයක් පෙරලෙයි – සිසුන් 9ක් රෝහලේ

යාපනය, කොළම්ඹුතුරෙයි උදයපුරම් ප්‍රදේශයේ දී පාසල් ළමුන් රැගත් ත්‍රීරෝද රථයක් අද (14) පෙරළී යාමෙන් ළමුන් නව දෙනකු හා ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත්කොට ඇතැයි යාපනය පොලිසිය සඳහන් කළා.

පාසල් නිමවී නැවත නිවෙස් බලා යමින් සිටි සිසුන් පිරිසක් රැගත් ත්‍රීරෝද රථය වංගු සහිත ස්ථානයක ත්‍රීරෝද රථය පාලය කරගැනීමට නොහැකිව පෙරලීගොස් තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය අනාවරණය කොට ගෙන තිබෙනවා.

එමෙන්ම පොලිසිය විසින් අනාවරනය කොටගෙන ඇත්තේ අද උදෑසන ත්‍රීරෝද රථ දෙකක ළමුන් පිරිස ප්‍රවාහනය කොට ඇති බවත් එක් ත්‍රීරෝද රථයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි පාසල් දරුවන්ද අනෙක් ත්‍රීරෝද රථයක නංවා ප්‍රවාහනය කිරීමෙන් එහි අධික බරතත්වය හේතුවෙන් වේගයත් සමග රියදුරුට පාලනය කරගැනීමට නොහැකි පෙරලී ගොස් ඇති බවටයි.

තුවාල ලැබූ ළමුන් පිරිස යාපනය කොළොම්ඹුතුරෙයි හිංදු විදුහලේ සහ කොළොම්ඹුතුරෙයි තුරෙයිරාසා මහ විද්‍යාලයේ ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවින් පිරිසක් වන අතර යාපනය පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.