hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 03, ප.ව. 2:41


වැඩිහිටි කන්දේදී කැබ් රථයක් පෙරළෙයි

කතරගම වැඩිහිටිකන්ද දක්වා බැතිමතුන් රැගෙන යන අතුරු මාර්ගයේදී කැබ් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඉහළමළුව සිට පහළමළුව දක්වා ධාවනය වූ බැතිමතුන් රැගත් කැබ් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුරට ලක්වන අවස්ථාවේ කැබ් රථයේ කාන්තාවන් 07ක් සහ වයස අවුරුදු 10ක ගැහැණු දරුවෙකු සිට තිබෙනවා.

අනතුරින් රියදුරුට තුවාල සිදුව නොමැති අතර ගමන්ගත් මගී කාන්තාවන් පිරිස සුළු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෙම අනතුරින් තුවාල ලබා ඇති පිරිස වව්නියාව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

කැබ් රථයේ රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

කතරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.