hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 02, ප.ව. 4:16


ඩිෆෙන්ඩර් සිද්ධිය : අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප

කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ඩිෆෙන්ඩර් රථයක් මුහුණට මුහුණලා ගැටී පුද්ගලයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරු ඇතුළු තුන් දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

එහිදී ඩිෆෙන්ඩර් රථය පැදවූ බවට හෙළි වූ පියා පමණක් අධිකරණයට අද (02) දිනයේ ඉදිරිපත් කළ අතර එහිදී කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හරින ලෙසටයි.