hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අප්‍රේල් 25, ප.ව. 3:49


කබ්රාල්ට එරෙහිව තවත් අධිකරණ නියෝගයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස්ගත වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය නිකුත් කර තිබෙන බවයි පැවසෙන්නේ

කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රාජ්‍ය මුදල් අවභාවිතාවක් සිදුකළේ  යැයි චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් පැමිණිල්ලක් දමා තිබුණා.