hit counter

2025 ඔක්‍තෝබර් මස 24 වන සිකුරාදා

2022 ජූලි 25, පෙ.ව. 10:49


කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ඔක්තෝම්බර් මස 26 වනදා දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියම කළා.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් අද කැඳවූ අවස්ථාවේදියි අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා මෙම නියෝගය සිදු කරනු ලැබුවේ.