hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 24, ප.ව. 6:35


අත්අඩංගුවට ගත් පිරිස ගැන සොයා බලන්න අනුර මරදාන පොලීසියට (VIDEO)

සමාජවාදී තරුණ සංගමය අද (24) කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවය අතරතුර කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 84 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ පුරහල අසලින් ගමන් ආරම්භ කළ පාගමන කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබුණා.

කෙසේවෙතත් විරෝධතාකරුවන් ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරමින් පාගමන විසුරුවා හැරීමට පියවර ගත්තා.

විරෝධතාවය අතරවාරයේ තුවාල ලැබූ විරෝධතාකරුවන් 7 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ස්වාමීන් වහන්සේ දෙනමක්, පිරිමි පුද්ගලයින් 78 දෙනෙකු සහ කාන්තාවන් සිව්දෙනෙකු සිටින බව පොලීසිය පැවසුවා.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව සඳහන්.

මේ අතර මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස පිලිබඳ සොයා බැලීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැමිණ තිබෙනවා.