hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 03, ප.ව. 5:59


ගාලු මුවදොර අරගලකරුවන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ගාලු මුවදොර විරෝධතා ස්ථානයේ සහ ඊට ආසන්න ප්‍රදේශවල නීථියට පටහැනිව රැඳී සිටින සියලුම පුද්ගලයන් වෙත පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද සවස පොලීසිය මගින් මෙම නිවේදනය ඔවුන් වෙත සිදු කළ බවයි.

මෙමගින් ප්‍රකාශ කර ඇත්තේ ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ රජයට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ අනවසරයෙන් කරන ලද ඉදි කිරීම් හා භෝග වගා කිරීම් වහාම ඉවත් කරගන්නා ලෙසටයි.