hit counter

2025 දෙසැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 12, ප.ව. 4:00


ගාලුමුවදොර ඉදිකිරීම් ඉවත් කිරීම ඇරඹෙයි

ගාලුමුවදොර අරගල භූමියේ ඉදිකිරීම් ඉවත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඒ සඳහා සහභාගී වී සිටින බවයි වාර්තා වන්නේ.

තමන් සම්පූර්ණයෙන්ම ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත්ව යාමට කටයුතු කරන බව පසුගියදා අරගලකරුවන් ප්‍රකාශ කර තිබුණා.

තමන් ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වුව ද, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉවත්ව යන තෙක් අරගලය ක්‍රියාත්ම බවත් තම අරමුණු ඉටුවෙන තෙක් අරගලය නොනවත්වන බවත් අරගලකරුවන් ප්‍රකාශ කළා.