hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 12, ප.ව. 5:39


ගාලුමුවදොර පිටියට ආ කාන්තාවෝ දෙදෙනෙක් අත්අඩංගුවට

අරගලයේ මව්වරු යනුවෙන් හඳුන්වා ගනිමින් කළුතර සිට ගාලු මුවදොර දක්වා පාගමනින් යමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුව පානදුර ගොරකාපොළ ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියේ විශාල පිරිසක් පැමිණ එලෙස මෙම කාන්තාවන් දෙදෙනාව පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එහිදී ඊට බාධා සිදුකළේ යැයි චෝදනා කරමින් තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකුව ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අද (12) උදෑසන කළුතරින් මෙම පාගමන ආරම්භ කිරීමේදී ද පොලීසියෙන් බාධා එල්ලවී ඇති අතර බාධා මධ්‍යයේ ඔවුන් ගමන ආරම්භ කර තිබුණා.

පසුව වාද්දුව ප්‍රදේශයේදී ද ඔවුන්ට යළිත් පොලීසියේ බාධා එල්ලවී තිබෙනවා.

පසුව පානදුර ප්‍රදේශයේදී ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම්වීමත් සමග ඔවුන් දෙදෙනා බස් රථයකට ගොඩවී පානදුර ගොරකාපොල ප්‍රදේශයට පැමිණ තිබුණා.

එහිදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.

මෙම කාන්තාවන් දෙදෙනා බොරැල්ල සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.