2022 ජූලි 22, ප.ව. 12:09
සිවිල් සංවිධාන සාමාජිකයන් ඇතුළු පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිනවා.
ඒ කොළඹ ගාලුමුවදොර අරගලකරුවන්ට අද (22) අළුයම ආරක්‍ෂක අංශ එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින්.
‘ගහලයාව පන්නගන්න ජනතාවනි එකතු වෙන්න’ සහ ‘මැර ජනපති පන්නමු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන එම පිරිස විරෝධතාවයේ නිරතවී සිටින බවයි වාර්තාවන්නේ.
විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් ගාළු මුවදොර දෙසට යාමට උත්සාහ කලද හමුදාව හා පොලිසිය විසින් දැඩි රැකවල් යොදා මාර්ගය වසා දමා තිබෙනවා.
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:56
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14