hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2022 ජූලි 22, ප.ව. 12:09


අරගලකරුවන්ට පහරදුන්නාට කොටුවේ විරෝධතාවක්

සිවිල් සංවිධාන සාමාජිකයන් ඇතුළු පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිනවා.

ඒ කොළඹ ගාලුමුවදොර අරගලකරුවන්ට අද (22) අළුයම ආරක්‍ෂක අංශ එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින්.

‘ගහලයාව පන්නගන්න ජනතාවනි එකතු වෙන්න’ සහ ‘මැර ජනපති පන්නමු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන එම පිරිස විරෝධතාවයේ නිරතවී සිටින බවයි වාර්තාවන්නේ.

විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් ගාළු මුවදොර දෙසට යාමට උත්සාහ කලද හමුදාව හා පොලිසිය විසින් දැඩි රැකවල් යොදා මාර්ගය වසා දමා තිබෙනවා.