hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2022 ජූලි 05, ප.ව. 6:25


පයින් ගැසූ යුද හමුදා නිලධාරියා රාජකාරිවලින් ඉවතට

යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේදී සිවිල් වැසියෙකුට පහරදීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වනතුරු යුද හමුදා නිලධාරියා සියලු රාජකාරිවලින් ඉවත් කර තිබෙනවා.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත සිදුවීමට සම්බන්ධ යුද්ධ හමුදා නිලධාරියා පිළිබඳ මූලික පරීක්‍ෂණ උසාවියේ නිර්දේශ ලැබෙන තුරු එම නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු රාජකාරිවලින් ඉවත්කර ඇති බවයි පැවසෙන්නේ.