hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2022 නොවැම්‍බර් 29, ප.ව. 5:35


A 9ක් ගත් සිසුවාට ගිනි තැබූ සැකකරු අත්අඩංගුවට

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූ සිසුවෙකුගේ සිරුරට ගිනි තැබූ බවට සැක පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේ සැකකරු අම්පිටිය දඹවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙලෙස ගිනිතැබීම හේතුවෙන් තුවාළ ලබා ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූ අදාළ සිසුවා මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.