hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 30, ප.ව. 2:20


ආයිෂා ඝාතනය : සැකපිට අයෙක් අත්අඩංගුවට

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේදී 09 හැවිරිදි දැරියගේ ඝාතන සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ,  29 හැවිරිදි වියේ පසුවන අයෙක්.

දැරිය කුකුල් මස් ගෙන ඒම සඳහා නිවස ආසන්නයේ වූ වෙළද සැලකට පසුගියදා ගොස් තිබු අතර පසුව ඇය නිවසට නොපැමිණි අතර පසුව නිවස අසළ මඩ වගුරක තිබී දැරියගේ සිරුර සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් විමර්ෂණ සිදුකරනවා.