hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 31, ප.ව. 5:39


අටුළුගම දැරිය ඝාතනයේ සැකකරු රිමාන්ඩ්

බණ්ඩාරගම අටුලුගම ෆාතිමා අයීෂා නමැති 9 හැවිරිදි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු හෙට (01) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අනුව ‘කොත්තු බාස්’ නමින් හඳුන්වන සැකකාරව අද (31) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළා.

අටුලුගම පදිංචිව සිටි සැකකරු ෆාරුක් මොහොමඩ් නමැති 29 හැවිරිදි තිදරු පියෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතනය, පැහැර ගැනීම, අයුතු අවහිරය, ලිංගික අතවර කිරීමට තැත්කිරීම, තුවාල සිදුකිරීම සහ සාපරාධි බලහත්කාරය පෑම ඇතුළු චෝදනා හයක් යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.