hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 17, ප.ව. 5:22


මීනගයා දුම්රියේ දරුවා දමා ගිය යුවළට ලැබුණු තීන්දුව

මීනගයා දුම්රියේ දරුවෙකු අතහැර දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවළ ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ නඩුව අද (17) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය ලබා දී තිබෙනවා.

දරුවාගේ මව්පියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥන් අධිකරණයට දැනුම් දී ඇත්තේ, ඇප ලැබීමෙන් පසුව අද දිනය තුළදී ඔවුන් දෙදෙනා විවාහ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි.

අනතුරුව බණ්ඩාරවෙල පරිවාස නිලධාරී විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව දරුවාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සලකා බලමින් දරුවාව නැවත එම මව්පියන් වෙත භාර දෙන ලෙසට ද අධිකරණය නියෝග කර තිබෙනවා.

අධිකරණය තව දුරටත් නියෝග කර ඇත්තේ, බණ්ඩාරවෙල පරිවාස නිලධාරීගේ දැඩි අධීක්ෂණය යටතේ එම දරුවා එම මව්පියන් වෙත භාර දෙන ලෙසටයි.

එසේ ම, දරුවාගේ පෝෂණ අවශ්‍යතා සහ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස දා සැකකාර මව්පිය යුවළගේ මව්පියන් වෙත අධිකරණය නියෝග කර තිබෙනවා.