hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 28, ප.ව. 6:36


බදුල්ලේ ඉන්ධන පිරවුම්හලේදී අහසට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

බදුල්ල හිඳගොඩ පිහිටි IOC ඉන්ධන පිරවුම්හලට ඊයේ (27) රාත්‍රියේ ගිනි අවියක් සමග කඩාවැදී පිරවුම්හලෙහි මුරකරුට මරණීය තර්ජන එල්ලකර අහසට වෙඩි තබා පළා ගිය පුද්ගලයා ගිනි අවියත් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ගරාජයක හිමිකරුවකු වන අතර ඔහුගේ ගරාජයේ තිබූ මෝ‍ටර් රථයක සඟවා තිබියදී පිස්තෝලය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.