2023 ජූනි 09, ප.ව. 6:49
කැපුම් තුවාල සහිතව හමුවූ කුඩා දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ස්ථානයේ තණකොළ කැපීමේ නිරතව සිටි පුද්ගලයෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි වියේ පසුවන බව පොලීසිය පවසනවා.
මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට කුඩා දරුවෙකුගේ මළසිරුරක් ඇති බවට ඊයේ (08) සවස මුල්ලේරියාව පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.
හල්බරාව ප්‍රදේශයේ පදිංචි ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති අවුරුදු 5යි මාස 6ක් වයසැති දරුවෙකුගේ මළ සිරුරක් මෙලෙස හමුවී ඇති අතර දරුවා ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටියා.
ඒ අසළ දරුවාගේ එක් සෙරෙප්පුවක් දක්නට ලැබුණු අතර අනෙක් සෙරෙප්පුව දරුවාගේ පයේ තිබුණා.
මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවා කාලයේ රැකියාව සඳහා පිටත්ව යන හෙයින් දරුවා රැකබලාගනු ලැබ ඇත්තේ ඔහුගේ මිත්තනිය සහ සීයා විසින්.