hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 මැයි 19, ප.ව. 3:41


පාන් ගෙඩියක මිල 200ට ලං වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30කින් හා අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

මේවන විට පිටි කිලෝවක් මේවන විට රුපියල් 250ද ඉක්මවා ඇති බවයි එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා කියාසිටියේ.

ඉන්ධන ගැටලුව මෙන්ම විදුලි කප්පාදුව ද මේවන විට බේකරි කර්මාන්තයට දැඩිව බලපෑම් එල්ල කර ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම බේකරි කර්මාන්තයට අවශ්‍ය අනෙක් අමුද්‍රව්‍ය මිල ද ඉතා ඉහළ ගොස් ඇති බවයි ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

එබැවින් මෙම මිල වැඩි කිරීම් සිදුකරන අතර පාන් හැර අනෙක් සියලු කෙටි කෑම වර්ග ද රුපියල් 10කින් මිල ඉහළ යනු ඇති බව ඔහු සඳහන් කළා.

මේ වන විට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල දැක්වෙන්නේ රුපියල් 140ක් ලෙසයි.

නමුත් එය රුපියල් 170ක් දක්වා ඉහළ යනු ඇති.