hit counter

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2025 මැයි 30, පෙ.ව. 8:46


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් දිවි සැරිය නිම කරයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කලක් රෝගල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියා. 

ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසින් හා සිංහල අධ්‍යනාංශයේ අංශාධිපතිවරයෙක් ලෙසද කටයුතු කරනු ලැබුවා. 

විශිෂ්ට දේශකවරයෙක් ලෙසද ඔහු බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටියා. 

දේහය මේ වනවිට පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය කටයුතු පිළිබඳ පසුව දැනුම්දීමට නියමිතයි.