hit counter

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2025 ජූනි 10, ප.ව. 2:03


වැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා හෙට (11) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා එම නියෝගය නිකුත් කර ඇත.