hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00


ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

හිටපු කථානායක සහ ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත සපුගස්කන්ද පොලිසිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලීසිය සඳහන් කළේය.

හිටපු කථානායකවරයා ඊයේ (11) ගමන්ගත් ජීප් රථය තවත් මෝටර් රථයක ගැටී අනතුරකට ලක්විය.

පොලීසිය පැවසුවේ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී අදාළ අනතුර සිදුව ඇති බවය.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් කළ 25 හැවිරිදි කාන්තාවක්, මාස 6ක් පමණ වයසැති ඇයගේ බිලිඳිය සහ 55 හැවිරිදි මිත්තනිය තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.

පොලිසිය පැවසුවේ අදාළ බිලිඳිය ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කෙරුණු බවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: