hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 පෙබරවාරි 12, පෙ.ව. 6:40


වෙඩිවැදුණු පොලිස් සැරයන් මරුට

මල්වතුහිරිපිටය පොලිස් වසමේ බටේපොළ ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා යාමේ දී වෙඩිවැදී රොහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම පොලිස් නිලධාරියා ඊයේ (11) මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.