2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවුණි.
මාතර, ගොඩපිටියේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව සිටි කාලයේ දී එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මහින්ද විජේසේකර මහතා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ පියාණන්ය.
2008 වසරේ දී මහින්ද විජේසේකර මහතා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධුරය හෙබවූ අතර, 2001-2004 කාලයේ දී ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය ධුරය දැරීය.
අවසන් වරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි ඒ මහතා වසර 20කට අධික දේශපාලන ජීවිතය තුළ අමාත්‍ය ධුර කිහිපයක්ම හොබවා තිබේ.
එම අමාත්‍යධුර පහතින්,
තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යතුමා (2008-02-22 – 2010-04-09)
විශේෂ ව්‍යාපෘති අමාත්‍ය (2007-01-28 – 2008-06-06)
ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය (2001-12-12 – 2004-02-07) (2001-12-12 – 2004-02-11)
(2000-10-19 – 2001-09-13)
වනවගා සහ පාරිසරික අමාත්‍ය (2000-08-10 – 2000-10-10)
වනවගා සහ පාරිසරික අමාත්‍ය (1999-07-03 – 2000-08-09)
නිවාස සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (1997-06-09 – 1999-07-03)
නාවික, වරාය, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය (1994-11-22 – 1997-06-09)
නාවික, වරාය, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය (1994-09-01 – 1994-11-12)
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54