2022 මැයි 03, ප.ව. 5:56
මාර්ග අංක 99 බදුල්ල කොළඹ මාර්ගයේ ධාවනය වන පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට බස් රථ රියදුරන් ඇතුලු සේවකයින් අද පස්වරු 2 සිට කටයුතු කර තිබෙනවා.
අන්තර් පළාත් මගී ප්‍රවාහන සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට යන ධාවන කාල සටහනට විරුද්ධව ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.
ඔවුන් පවසන්නේ විනාඩි 15න් 15ට බස් රථ ධාවනයට යෙදවීම තුලින් තරගකාරී රිය ධාවනයට ඔවුන්ව පොළඹවන බවත් ඒ තුලින් මගී ජනතාවගේ මෙන්ම තමන්ගේ රාජකාරීන්ද අනතුරකට ඇද දමා ඇති බවයි.
එම නිසා මෙම තීරණය වෙනස් කර දෙන ලෙසත් එතෙක් ඔවුන් බස්රථ ධාවනයෙන් ඉවත්ව සිටින බව බස් රථ රියදුරන් ඇතුලු සේවකයින් පවසනවා.
මේ සම්බන්ධයෙන් අන්තර් පළාත් මගී ප්‍රවාහන සමාගමේ බදුල්ල සභාපතිවරයා ඒෂියන් මිරර් අප සම්බන්ධ කර ගැනීමට උත්සහ කලත් ඔහු සම්බන්ධ කර ගැනීමට හැකි වූයේ නැහැ.
2025 පෙබරවාරි 03, පෙ.ව. 8:56
2025 ජනවාරි 31, ප.ව. 10:43
2025 ජනවාරි 31, ප.ව. 8:00
2025 ජනවාරි 29, ප.ව. 11:09
2025 ජනවාරි 29, ප.ව. 11:04