hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 පෙබරවාරි 10, ප.ව. 6:25


තවත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

මඟීන් රැගත් ලංගම බස් රථයක් අද (10) ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

රත්නපුර – සිරිපාගම මාර්ගයේ ඉඳුරුව – මහවංගුව අසලදී බස් රථය ප්‍රපාතයකට පෙරළී ඇති අතර රියදුරට වේගය පාලනය කරගැනීමට නොහැකිව එම අනතුර සිදුවී ඇති බවට වාර්තා වෙනවා.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා ගිලීමලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ හේතුවෙන් රත්නපුර රෝහලට මාරු කර යවා තිබෙනවා.