hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 23, පෙ.ව. 10:14


කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වුණේ මෙහෙමයි

අද පෙරවරුවේ සිදුකෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මහතා සහ පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පත්කෙරුණා.

වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ද රංජිත් සියඹලාපිටිය මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව වැවිලි ව්‍යවසාය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ද පත් කෙරුණා.