hit counter

2025 ජනවාරි මස 26 වන ඉරිදා

2023 ජනවාරි 26, ප.ව. 3:33


විශ්වවිද්‍යාල ආචාර්යවරු උද්ඝෝෂණයක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පේරාදෙණිය විශ්වවිද්‍යාල ශාඛාව විසින් යෝජිත බදු පනතට එරෙහිව දැවැන්ත විරෝධතාවක් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගලහ මංසන්ධියේදී 26 දින පවත්වනු ලැබුවා.                                                                                               

පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට පාගමනින් ගලහා මංසන්ධිය වෙත පැමිණි ආචාර්යවරු ඉන් අනතුරුව විරෝධතාවයේ නිරත වූ අතර මෙම විරෝධතාවවට වෛද්‍යවරු, ඉංජිනේරුවරු ඇතුළු වෘත්තිකයෝ පිරිසක්ද එක්ව සිටියා.                                                                                                                

මෙහිදී අදහස් පළ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය රුචික ප්‍රනාන්දු කියා සිටියේ රජය මෙම බදු පනත සංශෝධනය නොකළහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග රැල්ලක් රට පුරා ක්‍රියාත්මක වීමට නියමිත බවයි.

වෘත්තීයවේදීන් හා විද්වතුන් විසින් ක්‍රියාත්මක කරන කළු සතියට සමගාමීව මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණා.