hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2024 ජනවාරි 03, පෙ.ව. 10:28


විදුලි සේවක වර්ජනයට ආණ්ඩුවෙන් ප්‍රතිචාර

නැවත දැනුම් දෙන තුරු ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සේවා අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන 2024 පෙබරවාරි 02දා සිට නැවත දැනුම් දෙන තුරු මෙම නිවාඩු අවලංගු කර ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එසේ වුවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, අත්‍යාවශ්‍ය හදිසි අවස්ථාවලදී අදාළ ශාඛාවට/අංශයට අනුයුක්ත පළමු පංතියේ හෝ ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය මත පමණක් සේවකයින් හට නිවාඩු ලබා ගත හැකි බවයි .