hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 17, ප.ව. 6:50


ඉන්ධන මිල පහළට

අද (17) රාත්‍රී 10 සිට බලපැවැත්වෙන පරිදි ඛනිජ තෙල් මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ ඒ අනුව ඉන්ධන මිල පහත හෙලන බවයි .

නව තීරණයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 470 සිට රුපියල් 450 දක්වා රුපියල් 20කින් අඩු කර තිබෙනවා.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත හෙලා තිබෙනවා.

ඒ අනුව මෙතෙක් 550කව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 540ක්

රුපියල් 460කට අලෙවි කළ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 440ක් දක්වා රුපියල් 20කින් අඩු වනවා.

සුපිරි ඩීසල් ෆෝ ස්ටාර් යූරෝ ෆෝ ලීටරයක්ද රුපියල් 10කින් පහත හෙලා ඇති අතර ඒ අනුව නව මිල රුපියල් 540ක්.