hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 ජූනි 05, පෙ.ව. 8:34


දරුවාට පහරදුන් පුද්ගලයා සැඟව සිටිය දී අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (05) අලුයම පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයා සහ පහරදීමට ආධාර අනුබල දීමේ චෝදනා මත තවත් කාන්තාවන් දෙදෙනෙකු ද අදාළ සැකකරු සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක් සහ 37 සහ 46 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

ඔවුන් වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

පහරකෑමට ලක් වූ අවුරුදු 4 1/2 ක දරුවා ද පොලිස් භාරයට ගෙන මේ වනවිට අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: