hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 පෙබරවාරි 13, ප.ව. 3:22


සරසවි පෙම්වතිය ඝාතනය කළ සිසුවාට ලැබුණු තීන්දුව

කොළඹ තුරග තරග පිටියේදී පිහි ඇනුමක් සිදුකර කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් ඝාතනය කළ ඇගේ පෙම්වතා ලබන 27 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින්.

ඝාතනය සිදුකරන අවස්ථාවේ සැකකරු හැඳ සිටි ඇඳුම් පැළඳුම්, ඔහු භාවිත කළ ජංගම දුරකථනය, ලේ සාම්පල් ඇතුලු නඩු භාණ්ඩ 11 ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තා කැඳවන ලෙසයි එහිදි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත්තේ.

පසුගිය මස 17 වනදා මෙලෙස ඝාතනයට ලක්වුණේ 24 හැවිරිදි හෝමාගම – කිරිවත්තුඩුව – පුබුදු උයන ප්‍රදේශයේ පදිංචි තරුණියක්.