hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 11, පෙ.ව. 11:00


දැරියන් අපයෝජනය කළ ටියුෂන් ගුරා අත්අඩංගුවට

සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ බව කියන කළුතර උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පලාගොස් සිටි මොහු, කළුතර ප්‍රදේශයේ දීම අත්අඩංගුවට ගත් බවයි.

තවද 30 හැවිරිදි ඔහු උපකාරක පන්ති ගණිත ගුරුවරයෙකු වන බවයි වාර්තා වෙන්නේ.

සැකකරු විවාහකයෙකු වන අතර ඔහුගේ බිරිඳ ද ඔහුට එරෙහිව පොලීසියට පැමිණිලි කර තිබුණා.

අතවරවලට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිලධාරිනියකගේ දියණියක් ද සිටින බව සඳහන්.

එමෙන්ම සැකකරු දැරියන්ට ලිංගික අතවර කිරීම් සිදුකරන අතරතුර සිදුකළ වීඩියෝ පටිගත කිරීම් 16ක් සම්බන්ධයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බවත් කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පවසනවා.