hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 ජූනි 08, පෙ.ව. 11:13


අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්ත මහතාට අභියාචනාධිකරණය විසින් මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවම් දෙකක් නියම කර තිබෙනවා.

ඔහු මේ වනවිටත් සිර දඬුවම් විඳිමින් සිටින නිසා අදාළ මාස හයක සිර දඬුවම් දෙක වෙන් වෙන්ව එකවර ගෙවී යන පරිදියි ලබා දී ඇත්තේ.

2019 වසරේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කළ ප්‍රකාශයකට අනුව අධිකරණයට අපහාසයක් සිදු වූ බව පවසමිනුයි අදාළ නඩුව ගොනු කර තිබුණේ.