hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 පෙබරවාරි 04, ප.ව. 5:52


වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණ නියෝගයක්

මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් මාර්ග අවහිර වන ලෙස උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පොලීසිය සිදුකළ ඉල්ලීමකට අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වෙත මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.