hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 පෙබරවාරි 22, ප.ව. 2:54


විරෝධතාකරුවන්ට විරුද්ධව උසාවි නියෝගයක්

අද (22) පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා කොටුව පොලිස් බල ප්‍රදේශයේ විරෝධතාකරුවන් පිරිසකට විරෝධතාවල නිරතවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

 විරෝධතාකරුවන් විසින් කොටුවේ මාර්ග කිහිපයක් ඔස්සේ විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ජනාධිපති කාර්යාලය ඇතුළු ගොඩනැගිලි කිහිපයකට ඇතුළුවීමට උත්සාහ කරන බවට කොළඹ කොටුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වෙනවා.

මහජනතාවට සහ රියදුරන්ට අපහසුතාවයක් ඇති කරමින් මාර්ග අවහිර නොකරන ලෙස, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ ගාලු මුවදොර ප්‍රදේශවලට ඇතුළුවීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.