hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 ජූනි 07, ප.ව. 12:27


නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් 4 කගේ විදෙස් ගමන් තහනම ඉවතට

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා අද(07) නියෝග කර තිබෙනවා.

ඒ ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධියට අදාළව ගොනු කර තිබු නඩුවක් අද කැඳවු අවස්ථාවේදීයි.

නීතිපතිවරයා විසින් තම දෙපාර්තමේන්තුවට ලබා දී ඇති උපදෙස් අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇති බවින් මෙම නඩුව කල් දමන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ අභියාචනයට අදාළ නඩුවේ තීන්දුව මෙම මස 23 නිකුත් කිරීමට නියමිතව ඇති බැවින්.

එය සළකා බැලු මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධියට අදාළ නඩුව ලබන මස 19වනදා යළි කැඳවීමටයි.

එසේම මෙම නඩුවට අදාළව නාමල් රාජපක්ෂ මහතාට අමතරව විදෙස් ගමන් තහනම ඉවත් කළ සෙසු පිරිසට අයත් වන්නේ සංජීව එදිරිමාන්න, රේණුක පෙරේරා, සම්පත් අතුකෝරළ සහ සී.බි රත්නායක මහත්වරුන්.

එම නඩුවේ හතරවන සැකකරු ලෙස නම් කර තිබූ මිලාන් ජයතිලක මන්ත්‍රීවරයාට මාස දෙකක කාලයකට විදේශ ගත වීමට ද අවසර ලබා දී තිබෙනවා.