hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 ජූනි 15, ප.ව. 9:04


හිටපු මන්ත්‍රීට ඇප 

වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවටගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන සංවිධායක පී.ඩි.අබේරත්න මහතා හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළා.

ඊට අමතරව ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් පැනවූ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදෙන ලෙසත් නියෝග කළා.

එසේම ඔහුගේ ගිනි අවිය අධිකරණය භාරයට ගෙන ආරක්ෂක අමාත්‍යාංශය හරහා එහි බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බව ද පැවසුවා.