hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 11, ප.ව. 2:02


සරත් ෆොන්සේකා ඇතුළු 11කට අධිකරණයෙන් නියෝගයක්

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් හෝ විරෝධතා පාගමනකින් මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් පිරිසකට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ ඩීන්ස් මාවත, කුලරත්න මාවත, ටී.බී ජයා මාවත සහ ටෙක්නිකල් හන්දිය යන ප්‍රදේශවලට ඇතුළුවීමෙන් වළකින ලෙසටයි, එම නියෝගයේ සඳහන් වන්නේ.

එම නියෝගය නිකුත් කර ඇත්තේ පූජ්‍ය පාගොඩ විජිතවංශ හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකුට ය.