2022 අප්‍රේල් 27, පෙ.ව. 9:36
භූමිතෙල් මිලදි ගැනිම සදහා හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසල පැය පහකට අධික කාලයක් පෝලිමේ රැදි සිටි හැටන් නගරයේ ව්‍යාපාරිකයෙකු අද (27) දින අලුයම ඔහු පදිංචි නිවස තුලදිම මියගොස් ඇති බව හැටන් පොලිසිය පැවසුවා.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් දුඹුරුගිරිය පාරේ පදිංචි දේවනායගම් ක්‍රිෂ්ණසාමි නැමති දෙදරු පියෙක්.
මිය ගිය ව්‍යාපාරිකයා හැටන් නගරයේ පැති විදියේ කුලි පදනම මත ලබාගත් වෙලදසැලක නිමි ඇදුම් ව්‍යාපාරය සිදුකරගෙන යන අයෙක්.
ඊයේ (26) දින රාත්‍රි 7.00 ට පමණ නිවසට අවශ්‍ය භුමිතෙල් ලබා ගැනිමට ඉන්ධන පිරවුම්හලේ පෝලිමට ගිය සැමියා අද (27) දින අලුයම 12.30 ට පමණ නිවසට පැමිණ තමන් දැඩි තෙහෙට්ටුවක් දැනෙන බව තමන්ට පැවසු බවත්, පසුව රාත්‍රි ආහාර ලබා ගන්නා අවස්ථාවේ ඔහුට වමනය ගිය බවත්, ඉන් අනතුරු තම සැමියා එකවරම මිය ගිය බවයි මිය ගිය ව්‍යාපාරිකයාගේ බිරිද කියා සිටියේ.
තම සැමියාට මීට ප්‍රථම කිසිදු රෝගි තත්ත්වයක් නොතිබුණු බවත්, භූමිතෙල් ලබා ගැනිමට පැය ගණනක් පෝලිමේ රැදි සිටි නිසා දැඩි වෙහෙසට පත් තම සැමියා අකාලයේ මෙසේ මියගිය බවයි මියගිය ව්‍යාපාරිකයාගේ බිරිද කියා සිටියේ.
මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව හැටන් පොලිසිය පැවසුවා.
2024 දෙසැම්‍බර් 17, පෙ.ව. 9:53
2024 දෙසැම්‍බර් 13, ප.ව. 5:22
2024 දෙසැම්‍බර් 12, ප.ව. 3:11
2024 දෙසැම්‍බර් 05, ප.ව. 1:28
2024 දෙසැම්‍බර් 03, පෙ.ව. 10:41