2022 ජූලි 31, ප.ව. 2:46
රත්ගම දේවිනිගොඩ ප්‍රදේශයේ දි අද (31) පස්වරුවේදී වූ වෙඩිතැබිමකින් එක් අයෙකු මියගොස් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බව රත්ගම පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ 45 හැවිරිදිවියේ පසුවන ධිවර බෝට්ටු හිමිකරුවෙක්.
මොහු වෑන් රථයකින් තවත් අයෙකු සමග රත්ගම දේවිනිගොඩ ප්‍රදේශයේ බෝට්ටු හිමිකරුවකුගේ නිවසට දැල් ආම්පන්න රැගෙනයාම සදහා පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේ දී යතුරුපැදියකින් පැමිණ නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් දැල් පටවමින් සිටි මොහුට වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.
ටි. 56 ගිණි අවියකින් වෙඩි තබා ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.


ගාල්ල – ලලිත් චාමින්ද
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54