hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 මැයි 12, ප.ව. 8:14


හෙට උදේ 6ට ඇඳිරි නීතිය අවසන් – යළි පනවන වෙලාව මෙන්න

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (13)පෙරවරු 06.00ට ඉවත් කෙරෙනවා.

එය ප.ව. 02.00ට යළි පැනවෙන අතර පසුදින (14) පෙරවරු . 06.00 දක්වා බල පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර හිමිවන්නේ නැහැ.