2022 මැයි 21, ප.ව. 4:33
පෙට්‍රල් ලබා ගනීම සඳහා දඹුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට අද (21) දවස පුරා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
අවස්ථා ගණනාවක දීම ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි පාරිභෝගික ජනතාව පාලනය කිරීමට පොලීසිය දැඩි උත්සාහ ගත්ත ද කිසිදු පාලනයකින් තොරව පාරිභෝගිකයන් නොසන්සුන්කාරී ආකාරයෙන් හැසිරීම නිසා ඉන්ධන පිරවුම්හල් සේවකයන් ද දැඩි අසීරු අසීරුතාවයකට පත්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
දඹුල්ල ආර්ථර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටා ඇති පෞද්ගලික ඉන්ධන පිරවුම්හල අසල වැඩි වශයෙන් ජනතාව ඒකරාශී වී පෙට්‍රල් ලබා ගැනීම සඳහා දැඩි තදබදයක් ඇති වී තිබෙනවා.
එමෙන්ම ඒ නමය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් ගණනාවක් ඉන්ධන ලබා ගැනීම සඳහා රථ රථවාහන දිගු පෝලිම් දක්නට ලැබුණා.
2025 අප්‍රේල් 16, ප.ව. 2:07
2025 අප්‍රේල් 12, ප.ව. 9:20
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:34
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:18
2025 අප්‍රේල් 11, පෙ.ව. 10:56