hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 දෙසැම්‍බර් 30, පෙ.ව. 8:53


හිටපු සුපිරි පා පන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්ත වෙයි

පිළිකාවකින් පීඩා විඳි ඔහු පසුගිය මස 29 වැනි දා ස්වසන අපහසුතාවයක් හේතුවෙන් සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්සටයින් රෝහලට ඇතුලත් කෙරෙනු අතර මිය යන විට ‘පේලේ’ 82 හැවිරිදි වියේ පසු වුණා.

බ්‍රසීලයට තෙවරක් පා පන්දු ලෝක කුසලානය අත්කර දීමට ඔහු සමත් වූ අතර එය ලෝක වාර්තාවක් ද වනවා.

ජගත් පා පන්දු සම්මේලනය විසින් 2000 වසරේ දී ‘පේලේ’ සියවසේ ක්‍රිඩකයා ලෙස ද නම් කරනු ලැබුවා.

සිය වසර 21ක වෘත්තීය පා පන්දු දිවිය තුළ ඔහු තරඟ 1,363 ක දී ගෝල 1,281ක් රැස් කර ඇති අතර එය පා පන්දු ක්‍රීඩකයෙකු රැස් කළ වැඩි ම ගෝල සංඛ්‍යාව ලෙස යි වාර්තා අතරට එක් ව ඇත්තේ.

හිටපු ආජන්ටීනියානු සුපිරි පා පන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හා සම තැනක පාපන්දු වංශ කතාව තුළ පේලේව ද තබා ඇත.