hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2022 ජූනි 23, ප.ව. 2:00


ඩීසල් පෝලිමක තවත් මරණයක්

බටගොඩ ඉන්ධන පිරවුම්හලේ  ඩීසල්  ලබා ගැනීම සඳහා දින 5 ක් රැඳී සිටි ටිපර් රථ රියදුරෙකු එම රථය තුළදී මියගොස් තිබෙනවා.

මෙසේ  මියගොස් ඇත්තේ සංඝරත්න මාවත, අහංගම  ප්‍රදේශයේ පදිංචිව සිටී 63 හැවිරිදි වීරප්පුලි සුනිල් නැමැති  පුද්ගලයෙක්.

දින පහක් ටිපර් රථය ඩීසල් අපේක්ෂාවෙන් නවතා තිබී ඇති අතර, ඔහු ටිපර් රථය තුළදී මියගොස් සිටිනු දැක ඇති පුද්ගලයෙකු පොලීසිය දැනුවත් කර ඇතැයි පැවසෙනවා.